වාද්දුව සංචාරක හෝටලයක අද (23) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.
මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් සහ ගිනි නිවන රථ දෙකක් ගින්න පාලනය සඳහා යොදවා තිබෙනවා.
දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හෝටලයේ නවාතැන් ගෙන සිටි සියලුම සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් , දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අටදෙනක් සුරක්ෂිතව පහළට ගැනීමට කටයුතු කල බවත් ගිනි නිවන ඒකකය සදහන් කරනවා.
කාමරවල තිබූ ගුවන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි මෙන්ම දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය ගිනි නිවන ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.
ගින්නෙන් දුම ආග්‍රහනය වූ අයවලුන්ට ගිලන් රථවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රථමාධාර ලබාදුන් අතර, ඔවුන් බේරාගැනීමට ගිය හෝටලයේ ප්‍රධාන නිළධාරියෙක්ට ද තුවාල සිදුව රෝහල් ගතකර තිබෙනවා.














