උඩරට දුම්රිය මාර්ගයේ අද උදෑසනත් දුම්රිය ගමන් කිහිපයක් අවලංගු වෙයි

අද (21) දිනයේත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද (21) අලුයම 4.30ට සහ අලුයම 5.00 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනයට යොදවා තිබූ කාර්යාල දුම්රිය දෙක අවලංගු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඊට අමතරව උදෑසන 6.15 ට මහනුවර සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සිඝ්‍රගාමි දුම්රිය සහ අලුයාම 5.55 ට බදුල්ල බලා ධාවනයට යොදවා තිබූ පොඩි මැණිකේ දුම්රිය ද අවලංගු කර තිබුණා.

අයහපත් කාලගුණයත් සමඟ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රියක් පීලි පැනීමට ලක්ව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පෙරේදා දින සිට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ (20) දිනයේත් එම මාර්ගයේ දුම්රිය ගමන්වාර 20කට ආසන්න සංඛ්‍යවක් අවලංගු කිරීමට සිදු වුණා.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා සීමා කර ඇති අතර, මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38