උඩරට දුම්රිය මාර්ගයේ අද උදෑසනත් දුම්රිය ගමන් කිහිපයක් අවලංගු වෙයි

අද (21) දිනයේත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද (21) අලුයම 4.30ට සහ අලුයම 5.00 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනයට යොදවා තිබූ කාර්යාල දුම්රිය දෙක අවලංගු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඊට අමතරව උදෑසන 6.15 ට මහනුවර සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සිඝ්‍රගාමි දුම්රිය සහ අලුයාම 5.55 ට බදුල්ල බලා ධාවනයට යොදවා තිබූ පොඩි මැණිකේ දුම්රිය ද අවලංගු කර තිබුණා.

අයහපත් කාලගුණයත් සමඟ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රියක් පීලි පැනීමට ලක්ව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පෙරේදා දින සිට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ (20) දිනයේත් එම මාර්ගයේ දුම්රිය ගමන්වාර 20කට ආසන්න සංඛ්‍යවක් අවලංගු කිරීමට සිදු වුණා.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා සීමා කර ඇති අතර, මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?