දිස්ත්‍රික්ක එකොළහකට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක එකොළහකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මක බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රක්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.

මෙහිදී මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදියර දෙක යටතේයි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

අදියර එක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම්
බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල සහ පස්සර
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, ඇල්පිටිය සහ නෙළුව
මහනුවර දිස්ත්‍රික්කය – පාතහේවාහැට, පාතදුම්බර, උඩපළාත, දෙල්තොට, දොළුව, ගඟ ඉහළ කෝරළය සහ උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය – රඹුක්කන, රුවන්වැල්ල, ගලිගමුව, වරකාපොළ සහ බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම, නාරම්මල, අලව්ව සහ මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, යටවත්ත, අඹන්ගඟ කෝරළය, නාඋල, රත්තොට, ලග්ගල සහ පල්ලේපොල
නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, නෝර්වුඩ්, හඟුරන්කෙත සහ වලපනේ
රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, රත්නපුර, ඇහැළියගොඩ සහ කලවාන

අදියර දෙක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම්
මහනුවර දිස්ත්‍රික්කය – උඩදුම්බර සහ යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය – අරණායක, මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට සහ යටියන්තොට

මේ අතර පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉහත ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27