ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එයින් අවශ්‍ය සංවර්ධනය සිදුනොවන අතරම, මුදල් නාස්තියක් ද සිදුවන බවත්, එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදුවීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවත් පෙන්වා දුන්නා.

පසුගිය කාලයේ දී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදුනොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි ගණනාවක නඩත්තුව දරාගත නොහැකි වීම නිසා ඒවා භාරගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එසේම, රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැගිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද පැවසුවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් උවදුර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන අතර, අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බවයි.

රත්නපුරට බලපාන ජලගැලීම් පාලනය සඳහා Dry Dam ව්‍යාපෘතියක් කළු ගඟේ අතු ගංගා දෙකක් යොදාගනිමින් සිදු කිරීමට යෝජනා කර ඇතත්, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය 2014න් පසු සිදුකර නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව, රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීම සඳහා වඩාත් සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබන අයවැයෙන් වෙන්කර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී එකඟතාව පළ කළා.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ කාන්තා සහ ළමා අපරාධ රැසක් පසුගිය සමයේ වාර්තා වී ඇති අතර ඊට අදාළව ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියා.

එහිදි පොලීසිය පෙන්වා දුන්නේ එම අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සමග ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනයට ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර, ඊට අදාළ මෙහෙයුම් දෛනිකව සිදුකරමින් යම් පාලනයක් සිදුකිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව පොලීසිය මෙහිදී පෙන්වා දුන්නා.

දිස්ත්‍රික්කයේ පතල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, මැණික් ගල්වල අගය එකතු කිරීමේ රසායනාගාරයක් සහිත වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡා වුණා.

දැනට ඌණ උපයෝජනයක් සහිත ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් රත්නපුර නගරය ආසන්නයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34