අවුරුදු 31කට පසු ඇවිත් පුතාට වෙඩි තියන්න තැත් කරලා – පියා අත්අඩංගුවට

තම පුතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව, අත්තංගනය ප්‍රදේශයේ දී අද (12) දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

සැකකරු සතුව තිබී මෙරට නිපදවන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහබෝර 12 ජීව පතුරමක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු මීට වසර ගණනාවකට පෙර තම දරුවා සහ බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමඟ තොඩුවාව ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය දිනක නැවත ආරච්චිකට්ටුව – අත්තංගනය ප්‍රදේශයට පැමිණ ඇති සැකකරු පවසා ඇත්තේ තමන් නැවතත් බිරිද සහ දරුවා සමඟ ජීවත් වීමට කැමති බවයි.

වයස අවුරුදු 04 දී තමා සහ මව හැර ගිය පියා අවුරුදු 31 කට පසුව නැවත පැමිණීම සම්බන්ධයෙන් පුත්‍රයා විරුද්ධ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පුත්‍රයා විසින් එලෙස විරුද්ධවීම හේතුවන් සැකකාර පියා මෙලෙස වෙඩි තැබීමට තැත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?