විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 6.8කින් විදුලි ගාස්තුව ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව මහජන අදහස් සහ යෝජනා විමසා අවසන්.
එම අදහස් සහ යෝජනා ලබාගැනීම පසුගිය පසුගිය සැප්තැම්බර් මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණා.
එම අදහස් සහ යෝජනා ලබාගැනීමේ අවසන් සැසිය පැවැත්වුණේ පසුගිය 08 වනදායි.
එලෙස ලබාගත් අදහස් සහ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර විදුලි බිල වැඩි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයි ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි විරෝධය පළ කරනවා.





