රට රැකියා ජාවාරම්කරුවන් අල්ලන මෙහෙයුම් පුළුල් කරයි

විදේශ රැකියා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ පොලිස් ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිස් ඒකකයට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එහි මෙහෙයුම් පුළුල් කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු 0112 882228 අංකයට ඇමතීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය යටතේ ඇති පොලිස් ඒකකයට දැනුම්දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?