ගල්කිස්ස අධිකරණ සංකීර්ණය තුළ දී පොලිස් නිලධාරියෙක් විසින් නීතිඥවරයෙක්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අදාළ නීතිඥවරයාගේ මෝටර් රථය ගාල් කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් මත මෙම පහරදීම සිදු ව ඇති බවට අදාළ නීතිඥයාවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අධිකරණ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ප්‍රසිද්ධ නීතිඥය ගුණරත්න වන්නිනායක සමඟ පැමිණි නීතිඥයාවරයෙක්ට අදාළ පහරදීම සිදුකර ඇති අතර එහිදී නීතිඥයාවරයා සහ පොලිස් නිලධාරියා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.





