අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය අත්අඩංගුවට

අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේපාලිකා සමන් කුමාරි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණය හා පොදු දේපල පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත ඇයව අද (08) දින අත්අඩංගුවට ගත් බවයි අල්ලස කොම්සම සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නිවේදනය පහතින්..

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අයට විෂයගත දේපල රජයේ දේපලක් ( ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපලක්) බැවින් එම දේපලට වන්දි ගෙවීම 2022.05.22 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති විශේෂ නිලධාරි කමිටුව මඟින් සහ 2023.11.01 දින හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සැකකාරිය හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඒ පිළිබඳව ලිඛිතව උක්ත අමාත්‍යවරයා වෙත 2023.11.27 දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් 2023.12.26 දිනැතිව සැකකාරිය වෙත යොමු කර ඇති ලිපිය අනුව, ඇය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව 2024.01.22 දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කර මනෝජි හේමලාල් ඒකනායක යන අයට මූල්‍ය සහන ලබාදීම සඳහා එකඟතාවය ඉල්ලා ලබාගෙන අදාල වන්දි මුදල වන රු.8,850,000/- (රුපියල් අසූ අටලක්ෂ පනස් දහසක) මුදලක් ගෙවීම සඳහා 2024.01.26 දින අනුමත කිරීම තුළින් එම මුදල් ගෙවීම් කිරීම සඳහා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් පෙළඹ වීමෙන් දූෂණය නැමැති වරද හා පොදු දේපල පනතේ සාපරාධි සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම් ලෙස කටයුතු කරන එවකට හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්) රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන අය 2025.10.08 වන දින පෙ.ව.09.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
9
+1
127
+1
6
+1
9
+1
8
+1
6
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27