අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය අත්අඩංගුවට

අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේපාලිකා සමන් කුමාරි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණය හා පොදු දේපල පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත ඇයව අද (08) දින අත්අඩංගුවට ගත් බවයි අල්ලස කොම්සම සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නිවේදනය පහතින්..

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අයට විෂයගත දේපල රජයේ දේපලක් ( ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපලක්) බැවින් එම දේපලට වන්දි ගෙවීම 2022.05.22 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති විශේෂ නිලධාරි කමිටුව මඟින් සහ 2023.11.01 දින හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සැකකාරිය හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඒ පිළිබඳව ලිඛිතව උක්ත අමාත්‍යවරයා වෙත 2023.11.27 දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් 2023.12.26 දිනැතිව සැකකාරිය වෙත යොමු කර ඇති ලිපිය අනුව, ඇය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව 2024.01.22 දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කර මනෝජි හේමලාල් ඒකනායක යන අයට මූල්‍ය සහන ලබාදීම සඳහා එකඟතාවය ඉල්ලා ලබාගෙන අදාල වන්දි මුදල වන රු.8,850,000/- (රුපියල් අසූ අටලක්ෂ පනස් දහසක) මුදලක් ගෙවීම සඳහා 2024.01.26 දින අනුමත කිරීම තුළින් එම මුදල් ගෙවීම් කිරීම සඳහා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් පෙළඹ වීමෙන් දූෂණය නැමැති වරද හා පොදු දේපල පනතේ සාපරාධි සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම් ලෙස කටයුතු කරන එවකට හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්) රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන අය 2025.10.08 වන දින පෙ.ව.09.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

  1. රාජපක්ෂලා කියපු නීති විරෝධි දේවල් කරපු අය පෝලිමට එකතු වෙනවා. ආණ්ඩුවේ බෝඩිමේ බත් රස බලලාඑන්න.

  2. නිලදාරීන්ට උපරිමයෙත් උපරිම දඩුවම් දෙන්නම ඕනේ.. එතකොට අහන දකින දැන් සේවයේ ඉන්න අයත් බිය වෙනවා… සුපිරි දඩුවම් දෙන්න

  3. මේ වගේ රාජපක්ෂලගෙ වරදාන වරප්‍රසාද වෙනුවෙන් මුළු රාජ්‍ය සේවයම විනාශ කරපු එවුන්ට ඉහලම දඬුවම් දිය යුතුයි. මුන් හිතන්න ඇති රාජපක්ෂ හොරු හැමදාම බලයේ ඉන්නවා කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12