වැඩවර්ජනයකට යන බවට ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළි

2026 අයවැයෙන් තම ඉන්ධන දීමනාව ලබා නොදෙනේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

අද (08) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කළා.

ඔවුන් පවසන්නේ පසුගිය රජය විසින් ග්‍රාම නිලධාරීන්ට ලබාදීමට සැලසුම් කර තිබූ, ලීටර් 20ක ඉන්ධන කෝටාව වත්මන් රජය විසින් කපා දැමීමට කටයුතු කළ බවයි.

අනතුරුව රුපියල් 600ක දීමනාවක් එක් ග්‍රාම නිලධාරියෙකුට මසකට ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් එම මුදල මසක් සඳහා ප්‍රවාහන වියදම් ලෙස කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මංගල අයවැයෙන් කපා දැමූ ලීටර් 20ක ඉන්ධන කෝටාව ඒ,එළඹෙන අයවැයෙන් ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේ.

එසේ නොවුනහොත් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි අනතුරු අඟවා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07