අන්තර්ජාලය භාවිත කරන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වන බව පොලිසිය පවසනවා.

මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා, විවිධ ගිණුම්වලට මුදල් බැරකර ගැනීම් ආදී වංචා සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව අන්තර්ජාලය භාවිත කිරීමේ දී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

භාවිත කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරනු ලබන වංචනික පෙළඹවීම්වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.

නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පළ කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකීම.

සයිබර් අවකාශය තුළ නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.

ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.

නොදන්නා පුද්ගලයින් ලබාදෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිත කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
13
+1
68
+1
20
+1
32
+1
6
+1
14
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?