අන්තර්ජාලය භාවිත කරන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වන බව පොලිසිය පවසනවා.

මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා, විවිධ ගිණුම්වලට මුදල් බැරකර ගැනීම් ආදී වංචා සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව අන්තර්ජාලය භාවිත කිරීමේ දී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

භාවිත කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරනු ලබන වංචනික පෙළඹවීම්වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.

නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පළ කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකීම.

සයිබර් අවකාශය තුළ නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.

ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.

නොදන්නා පුද්ගලයින් ලබාදෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිත කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.

  1. මටත් මෙහෙම ද්ව්‍යකට මුහුණ දෙන්න උනා නමුත් සියලුම තොරතුරු අනාවරණය උනත් මට කිසිදු සාදාරනක් උනේ නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41