නාරංගල කන්දේ අතරමංව සිටි තරුණ පිරිසක් නිරුපද්‍රිතව මුදාගැනේ (ඡායාරූප)

පැවති අයගපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල – නාරංගල කන්ද නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණ පිරිසක් නිරුපද්‍රිතව මුදාගැනීමට යුද හමුදා නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ පැවති ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්ත්වයන් හේතුවෙන් කඳු මුදුණේ අතරමංව සිටි තරුණයින් 21 දෙනෙක් සහ එක් තරුණියක් මෙලෙස මුදාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස මීගමුව, නුගේගොඩ, මහරගම, කොස්ගොඩ, පන්නිපිටය යන ප්‍රදේශවල පදිංචි අයවලුන් බවයි වාර්තා වන්නේ.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ (04) රාත්‍රි නවයට පමණ බදුල්ල, එළදළුව පිහිටි 112 බළසේනා මූලස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අතරමංව සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව අධික වැසි මධ්‍යයේ පැය ගණනාවක් සිදුකළ දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මුදාගෙන කන්ද පාමුලට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48