මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් භාරදීලා – ආරක්ෂාව ගැන බරපතළ ගැටළුවක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ වෙඩි නොවදින ආරක්‍ෂිත මෝටර් රථය ඊයේ (04) දිනයේ යළිත් භාර දී තිබෙනවා.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ගමන් ගන්නා රථය ද යළි භාරදීමට කටයුතු කළ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ.

අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් ගැනීමට මේ වනවිට රථයක් ද නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර එළඹෙන සතියේ දී ආරක්ෂක ලේකම්වරයා, පොලිපතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් හමුවී මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලිකර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සම්බන්ධ රථ යළි ලබාගැනීමට ලිඛිතව ඉල්ලීමක් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මකවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල වාහන සහ නිල නිවස රජයට භාරදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23