බෙලිඅත්තේ සනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ‘බෙලිඅත්තේ සනා’ නොහොත් වීරසිංගේ සනත් නැමැත්තා ලබන 09 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සැකකාර වීරසිංගේ සනත් නැමැත්තා අද (03) දින තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා තංගල්ල පොලීසියට මෙම අවසරය ලබා දුන්නා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු පෙරේදා (01) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලීසිය විසින් සොයා ගත්තා.

‘උනාකුරුවේ ශාන්ත’ නැමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?