සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික මූලධර්මයන් හතරක් ඔස්සේයි – ජනපති (වීඩියෝ)

සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මූලික මූලධර්මයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවයට අද (03) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් මූලික මූලධර්මයන් හතරක් මත සිට රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මෙරට තුළ පවතින වසර 2500 වඩා දිගු ශිෂ්ඨාචාරය, මෙරට තුළ පවතින සොබාව සෞන්දර්ය, ආගන්තුක සත්කාර සහ වනජීවී කලාප හා සතුන් යන මූලික මූලධර්මයන් හතර මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය යොදාගනු ලබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය සැප්තැම්බර් 30 වන දින ලිපියක් නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55