මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නම් පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ සමීපතමයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර පවසනවා.
දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා එල්ල කළද ආණ්ඩු පක්ෂයට හිතවත් අයද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පෙනී යන බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද වැඩිදුරටත් මහින්ද අමරවීර පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
2





