එක් කෝටි හාර ලක්ෂයක නීති විරෝධී දුම්වැටි සමඟ ඉන්දීය සහ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හාර ලක්ෂ දහ දාහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (01) දිනයේ රාත්‍රීයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතරින් ශ්‍රී ලාංකිකයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර අනෙක් ගුවන් මගියා 23 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් බවයි වාර්තාවන්නේ.

මොවුන් දෙදෙනා ඊයේ දින රාත්‍රී 07.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ ” ප්ලැටිනම්” සහ
” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 69,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 347 ක් සගවා ගෙනවිත් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පවසන්නේ.

මොවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන හෙට (03) දින මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?