එක් කෝටි හාර ලක්ෂයක නීති විරෝධී දුම්වැටි සමඟ ඉන්දීය සහ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හාර ලක්ෂ දහ දාහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (01) දිනයේ රාත්‍රීයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතරින් ශ්‍රී ලාංකිකයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර අනෙක් ගුවන් මගියා 23 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් බවයි වාර්තාවන්නේ.

මොවුන් දෙදෙනා ඊයේ දින රාත්‍රී 07.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ ” ප්ලැටිනම්” සහ
” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 69,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 347 ක් සගවා ගෙනවිත් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පවසන්නේ.

මොවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන හෙට (03) දින මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57