දේශීය අර්තාපල්, ලොකු ලූනු සහ රතු ලූනු ගොවියන්ට සුබ ආරංචියක්

දේශීය අල, ලොකු ලූනු හා රතු ලූනු ලංකා සතොස ආයතන සහ මෙරට තවත් සුපිරි වෙළඳසල් ජාල දෙකක් විසින් මිල දී ගැනීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව ඔක්තෝබර් මස 02 දින සිට අල, ලොකු ලූනු සහ රතු ලූණු වගා කරන ප්‍රදේශවල, එම ආයතනවලට අදාළ මධ්‍යස්ථානයන්වලදී මිල දී ගැනීම් සිදුකරන බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව දේශීය අල කිලෝවක් රුපියල් 210කටත්, දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 130කටත් දේශීය රතු ලූනු කිලෝවක් රුපියල් 225ක මිලකටත් ගොවියාගෙන් මිල දී ගැනීමට නියමිතයි.

එමෙන්ම එක් ගොවියෙකුගෙන් අල, ලොකු ලූනු හා රතු ලූනු උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 2,000ක ප්‍රමාණයක් බැගින් මිල දී ගන්නා බවයි දැනුම් දෙන්නේ.

මිල දී ගැනීමේ මධ්‍යස්ථාන පහතින්.

දේශීය අල මිල දී ගැනීම
ලංකා සතොස ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය, බෝගහකුඹුර
කාගිල්ස් ආයතනය – බණ්ඩාරවෙල, නුවරඑළිය, බොරලන්ද
කීල්ස් ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය

ලොකු ලූනු මිල දී ගැනීම
ලංකා සතොස ආයතනය – දඹුල්ල, තඹුත්තේගම
කාගිල්ස් ආයතනය – සීගිරිය, තඹුත්තේගම
කීල්ස් ආයතනය – දඹුල්ල, තඹුත්තේගම

රතු ලූනු මිල දී ගැනීම
ලංකා සතොස ආයතනය – යාපනය ආර්ථික මධ්‍යස්ථානය
කාගිල්ස් ආයතනය – නොරොච්චෝල, අලවෙඩ්ඩි
කීල්ස් ආයතනය – යාපනය, පුත්තලම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23