මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
එරට වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 10:00 ට පමණ සෙබු නගරයේ වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
භූකම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න පිරිසක් ජීවත්වනවා.
ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





