ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපන් නිල සංචාරයේ තුන්වන දිනය අදයි.
ජනාධිපතිවරයා ඊයේ (28) දිනයේ දී ටෝකියෝ හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් හමුවුණා.
මෙම නිල සංචාරය අතර තුර ජනනාධිපතිවරයා, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවීමට නියමිතයි.
ඊට අමතරව ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල එක්ව සංවිධානය කරන ටෝකියෝ හි පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදයට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





