පාකිස්ථානය සමඟ තරගය ජයගත් ඉන්දීය නායකයාගෙන් ඉල්ලීමක්

ආසියානු කුසලාන 20-20 තරගාවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරගය ඊයේ (21) අවසන් වුණේ ඉන්දියාවට ජය හිමිකර දෙමින්.

මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූ මූලික වටයේ තරගයේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තරගය ද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 05ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායමට ලැබුණු 172ක ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

ඒ, අනුව මෙම තරගයෙන් ඉන්දියාවට කඩුලු 06ක ජයග්‍රහණයක් හිමිවුණා.

ඩුබායි හිදී පැවති මෙම තරගයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් එක්ව සිටියා.

එහිදී සූර්යකුමාර් යාදව් ඉල්ලා සිටියේ, ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරග ජාතීන් දෙක අතර එදිරිවාදී තරගයක් ලෙස හැඳින්වීම නවත්වන ලෙසයි.

මේ අතර පකිස්ථාන නායක සල්මන් ආඝා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියේ තම පන්දු යවන්නන්ට ඉන්දීය ආරම්භක පිතිකරුවන් පාලනය කළ නොහැකි වූ බවයි.

එය මෙම තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවයි සල්මන් ආඝා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
12
+1
63
+1
15
+1
19
+1
12
+1
34
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?