අනපේක්ෂිත පුවත අසා සංවේදී වූ මොහොමඩ් නබීගෙන් දුනිත්ට පණිවුඩයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (19) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් වූ ඇෆ්ගනිස්ථානය කඩුලු 06කින් පරාජය කරමින්.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයේ සතුට සමරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඊයේ (19) රාත්‍රියේ අවස්ථාව හිමිවුයේ නැහැ.

ඒ, මෙම තරගය අතර තුර වාර්තා වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය පිළිබඳව අවාසනාවන්ත පුවත හේතුවෙන්.

දුනිත් පියා ඊයේ තරගය නරඹමින් සිටිය දී හදිසියේ ඇති වූ හෘදයබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තරගයේ ඇෆ්ගනිස්ථාන ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් දුනිත්ට ලබාදෙන අතර, එතෙක් හොඳින් පන්දු යවා සිටි දුනිත් එම පන්දුවාරයේ දී දැඩි ප්‍රහාරයකට ලක් වනවා.

එම පන්දුවාරයේ දී ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී විසින් ලකුණු 32ක් උදුරා ගනු ලබනවා.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු විසින් දුනිත් වෙල්ලාලගේට සිය පියාගේ අභාවය පිළිබඳව දැනුම්දෙන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ අතර තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටව යන්නට සූදානම් වූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබීට දුනිත්ගේ පියාගේ අභාවය පිළිබඳව ද කිසියම් අයෙකු විසින් දැනුම්දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වන ආකාරය දැකගත හැකියි.

එහිදී එම පුවත අසන මොහොමඩ් නබී එක්වරම විමතියට පත්වන ආකාරය එහි දැක්වෙනවා.

මේ අතර අදාළ පුවත පිළිබඳව සංවේදී වූ නබී විසින් සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් පළකර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට තම හෘදයාංගම ශෝකය පළ කරන බවයි.

එමෙන්ම සෑම විටම ශක්තිමත්ව සිටින ලෙසත් දුනිත්ට ඔහු එම එක්ස් සටහනේ දක්වා තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
10
+1
4
+1
3
+1
347
+1
15
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?