60 වසරකට පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය අද ඇරඹේ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු අද (15) ආරම්භ වනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 425ක් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන අතර, එය මාස 08ක කාලයකින් එය අවසන් කිරීමට නියමිතයි.

මෙම නවීකරණ කටයුතු හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම බස් සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

ඒකාබද්ධ කාලසටහන යටතේ ධාවනය වන බස් ආරම්භ කෙරෙන්නේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස්නැවතුම්පොළෙන් බව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?