කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙක් රුපියල් විසිඑක් කෝටි පන්ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහක් වටිනා රන් බිස්කට් 51ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ආරක්ෂක නිලධාරියා තම කකුල් දෙකේ සඟවාගෙන මෙම රන් බිස්කට් තොගය අද (14) උදෑසන ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු ආරක්ෂක නිලධාරීවරයා මීගමුව, කදවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.
කැරට් 24 ගුණාත්මක අගයකින් යුතු රන් බිස්කට් 51ක් තම දෙකකුළෙහි විශේෂ වෙළුම් පටිවලින් ඔතාගෙන ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන සැකකරු මෙලෙස එම රන් බිස්කට් ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ ගෙන තිබුණා.
රේගු නිලධාරීන් පවසන්නේ මොහු දිගු කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට සැකයක් පවතින බවයි.









