පැතුම් සහ කුසල් කණ්ඩායමේ සිටීම වාසනාවක් – පළමු තරගයට පෙර චරිත් කියයි

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (13) ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණය දී රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.

මෑතකාලීන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රතිවාදියෙක් වූ බංගලාදේශ කණ්ඩායම හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදිනු ලබනවා.

තරගය පිළිබද අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත අසලංකා කියා සිටියේ තරගයේ සඳහා කණ්ඩායමේ සුදානම යහපත් මට්ටමක පවතින බවයි.

හෙට තරගය සඳහා ද සිම්බාබ්වේ සමඟ අවසන් විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ අනුපිළිවෙල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව චරිත් පවසා සිටියා.

ආබාදයකට ලක් වීමෙන් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිඳු හසරංග ද තරගය සඳහා එක් වීමට නියමිත බව චරිත වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම හෙට තරගයේදී බංගලාදේශයට එරෙහිව වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදා ගැනීමට බලාපොරොත්තුවන බවද ශ්‍රී ලංකා නායකයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?