පැතුම් සහ කුසල් කණ්ඩායමේ සිටීම වාසනාවක් – පළමු තරගයට පෙර චරිත් කියයි

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (13) ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණය දී රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.

මෑතකාලීන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රතිවාදියෙක් වූ බංගලාදේශ කණ්ඩායම හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදිනු ලබනවා.

තරගය පිළිබද අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත අසලංකා කියා සිටියේ තරගයේ සඳහා කණ්ඩායමේ සුදානම යහපත් මට්ටමක පවතින බවයි.

හෙට තරගය සඳහා ද සිම්බාබ්වේ සමඟ අවසන් විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ අනුපිළිවෙල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව චරිත් පවසා සිටියා.

ආබාදයකට ලක් වීමෙන් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිඳු හසරංග ද තරගය සඳහා එක් වීමට නියමිත බව චරිත වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම හෙට තරගයේදී බංගලාදේශයට එරෙහිව වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදා ගැනීමට බලාපොරොත්තුවන බවද ශ්‍රී ලංකා නායකයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36