විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (07) ස්ව්ස්ටර්ලන්තයේ ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා.
හෙට (08) දිනයේ දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා ජිනීවා නුවර බලා මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
අමාත්‍යවරයා අද (07) උදෑසන 6.45ට තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ. 731 දරණ ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බු බලා පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව ජිනීවා බලා යෑමටයි නියමිතව ඇත්තේ.
අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සහ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.





