ඇල්ල බස් අනතුරෙන් පසු මුදාගැනීමේ මෙහෙයුම්වලට යුද හමුදා සාමාජිකයින් 200ක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ඊයේ (04 ) රාත්‍රීයේ සිදු වූ බස් අනතුරින් පසු, අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදා සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් යෙදවූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි විජයබා පාබල රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින් මෙම මෙහෙයුම සඳහා එක්කර තිබූ බවයි වාර්තා වන්නේ.

බස් රථය ප්‍රපාතයෙන් පහළටම ගොස් නතර වී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් භාගයක් පමණ සිට අනතුරට පත් පුද්ගලයන් ඉහළට රැගෙන ඒම සඳහා උද හමුදා කමාන්ඩෝ රැෆලින් ඇතුළත් මුදාගැනීමේ සාමාජිකයින්ගේ ද සහාය මීට හිමිව තිබෙනවා.

මේ අතර බණ්ඩාරවෙල සහ බදුල්ල ගිනි නිවීමේ සේවකයින්ද මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වූ අතර, බදුල්ල මහ රෝහල ඇතුළු අවට රෝහලවල වෛද්‍යවරුන් ද මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහන් එක්ව සිටියා.

ඊට අමතරව ඇල්ල පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ද මේ සඳහා ලැබී තිබෙනවා.

මෙම අනතුරන් තුවාල ලැබුවන් ඇතුළත් කෙරුනේ දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වලටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42