Update – ඇල්ල බස් අනතුරින් පසු පැතිර යන බොරු ප්‍රවෘත්තියක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද මියගොස් ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ පුවත් හුවමාරු වනවා.

කෙසේ වෙතත් එලෙස මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි කිසිඳු පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්ව නොමැති බවයි ඇල්ල පොලිසිය තහවුරු කළේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මේ අතර මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය තහවුරු කළේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ දී ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30