සිංගප්පූරු අගමැති ඉන්දියාවේ නිල සංචාරයක් අරඹයි

සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග් අඟහරුවාදා දින තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණියා.

මුදල් රාජ්‍ය අමාත්‍ය පන්කජ් චෞද්‍රි විසින් දිල්ලි ගුවන් තොටුපළේදී ඔහුව පිළිගනු ලැබුවා.

සිංගප්පූරුවේ අගමැතිවරයාගේ පළමු ඉන්දීය නිල සංචාරය මෙයයි.

ඉන්දියාව සහ සිංගප්පූරුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන සංවත්සරය සමරන මොහොතක සිදුවන මෙම සංචාරය දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවා.

සිංගප්පූරු අගමැතිවරයා සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල ද්විපාර්ශ්වික හමුව හෙට පැවැත්වීමට නියමිතයි.

අගමැති වොන්ග් ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහතා ද හමුවීමට නියමිතව තිබෙනවා.

පසුගිය වස‌රේ දෙසැම්බර් මාසයේ අගමැති මෝදි සිංගප්පූරුවේ සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?