සෙව්වන්දි ගැන කෙහෙල්බද්දර පද්මෙගෙන් අනාවරණයක්

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අතර සිටින කෙහෙල්බද්දර පද්මේ විදෙස්ගතව සිට සිදුකළ තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක්වන මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය සම්බන්ධයෙන් ද කෙහෙල්බද්දර පද්මේ අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත්තේ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට රටින් පලාගොස් සිටින බවයි.

මේ අතර ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා සන්තකයේ තිබී ආරක්ෂක අංශ භාරයට ගත් ජංගම දුරකථනවල දත්ත ඔස්සේ ඔවුන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයින් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිසගෙන් මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
15
+1
2
+1
7
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52