අලි, ගෙයක් පෙල්ලලා මිත්තණියයි මිණිබිරියයි රෝහලේ

අම්පාර, උහන, බන්ඩාරදුව ප්‍රදේශයේ පිහිටි නිවසකට වන අලි සිදුකළ පහරදීමකින් නිවස තුළ සිටි කාන්තාවක් සහ වයස අවුරුදු නවයක දැරිය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (30) අලුයම් කාලයේ ගම් වැදුණු වන අලි නිවසකට පහර දී දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී නිවස තුළ කාන්තවක් සහ ඇයගේ මිණිබිරිය නිදාගෙන සිට ඇති අතර, වන අලි සිදුකළ පහරදීමේ දී නිවසේ බිත්තියක් ඔවුන් දෙදෙනා මතට වැටී තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රදේශවසින් විසින් ගොනාගොල්ල, සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රෝහල් ගතකළ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?