වෙරළෙන් හමුවූ මළසිරුර මුහුදේ ගිල්වා සිදුකළ ඝාතනයක් බවට සැකයක්

කළුතර මුහුදු වෙරළ තීරයේ ශාරිරික අභ්‍යාස වල නිරතව සිටි පියෙක් සහ දියණියක් විසින් අද (30) උදෑසන වෙරළේ තිබූ මළසිරුරක් දැක 119 ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් මළසිරුර පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළසිරුරේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.

සිරුර මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවත් මුහුදු වෙරළේ ගිල්වා ඝාතනය කල බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවල දී හැගීයන බවත් දකුණු කළුතර පොලීසිය පවසනවා.

වයස අවුරුදු 55 – 60 අතර වයසේ පසුවන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට සැකකරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

කළුතර දකුණ පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?