රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන බල කරමින් රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍යවරු අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.
පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහලේ රාජකාරි අතරතුර විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් තම රාජකාරී වේලාවේදී ආසන්නයේ තිබෙන පෞද්ගලික රෝහලක රෝගියෙකුගේ සැත්කමක් සඳහා සහභාගී තිබෙනවා.
ඔවුන් සැත්කමට සහභාගි වී ඇත්තේ රෝහල් අධ්‍යක්ෂකවරයා සිටියදී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට පමණක් දැනුම් දීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කර ඔවුන්ට විනය පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඊට විරෝධය පාමින් අද දින කෑම පැයේදී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍යවරැ සියයකට අධික පිරිසක් රත්නපුර ශික්ෂණ රෝහලේ සිට පා ගමනින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණ රෝහල් අධ්‍යක්ෂකවරයා වහාම ඉවත් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නියැලි තිබෙනවා.














Okay, no rules should apply for VIP politicians and now doctors…who is next?
By law, its allowed consultants to see private patients with director informed, in case emergency.
This was legally done.
Director abusing thru his powers n political powers