විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහි පරීක්ෂණයට විරුද්ධව වෛද්‍යවරු 100ක් මහපාරට

රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන බල කරමින් රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍යවරු අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.

පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහලේ රාජකාරි අතරතුර විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් තම රාජකාරී වේලාවේදී ආසන්නයේ තිබෙන පෞද්ගලික රෝහලක රෝගියෙකුගේ සැත්කමක් සඳහා සහභාගී තිබෙනවා.

ඔවුන් සැත්කමට සහභාගි වී ඇත්තේ රෝහල් අධ්‍යක්ෂකවරයා සිටියදී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට පමණක් දැනුම් දීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කර ඔවුන්ට විනය පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඊට විරෝධය පාමින් අද දින කෑම පැයේදී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍යවරැ සියයකට අධික පිරිසක් රත්නපුර ශික්ෂණ රෝහ‍ලේ සිට පා ගමනින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණ රෝහල් අධ්‍යක්ෂකවරයා වහාම ඉවත් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නියැලි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
15
+1
7
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48