ලෝකයේ උන්මාදයක් වූ GT-R R35 නිෂ්පාදනය සදාකාලිකව අවසන්

ලෝකය පුරාවට අතිශය ජනප්‍රිය වූ ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ මාදිලියක් වන නිසාන් GT-R R35 නිෂ්පාදනය අවසන් කර තිබෙන නිසාන් ආයතනය පවසනවා.

ඒ අනුව එම මාදිලියේ අවසන් විශේෂ GT-R R35 මෝටර් රථයේ නිෂ්පාදන ඊයේ (26) දින ජපානයේ Tochigi කර්මාන්තශාලාවේදී අවසන් කළ බවයි නිවේදනයකින් ඔවුන් සඳහන් කරසිටියේ.

වසර 18ක් පුරාවට එම වර්ගයේ මෝටර් රථ 48,000 ක් පමණ නිෂ්පාදනය කර ඇති නිසාන් ආයතනය, මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ජපානය තුළ ඇනවුම් භාර ගැනීම නවතා තිබූ අතර 2020 දී යුරෝපා කලාපයේ ද ගිය වසරේ දී අප්‍රිකානු කලාපයේද මෙම මාදිලිය විකිණීම නතර කර තිබෙනවා.

නිසාන් ආයතනය විසින් මීළගට හඳුන්වා දීමට නියමිත GT-R R36 මාදිලිය නොබෝ දිනකින් GT-R වෙත ආදරය කරනු ලබන ලොව පුරා සිටින අයවලුන් සඳහා වෙළදපොලට නිකුත් කරන බව Nissan ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් එස්පිනෝසා පවසනවා.

“මෙම අසාමාන්‍ය ගමනේ කොටසක් වීම ගැන ඔබට ස්තූතියි. ලොව පුරා සිටින GT-R රසිකයින්ට, මම ඔබට කියන්න කැමතියි මෙය GT-R සදහටම සමුගැනීමක් නොවන බව, GT-R නාම පුවරුව කවදා හෝ නැවත පැමිණීම අපගේ ඉලක්කයයි.” වැඩිදුරටත් GT-R ලෝලීන් වෙත ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12