ලෝකයේ උන්මාදයක් වූ GT-R R35 නිෂ්පාදනය සදාකාලිකව අවසන්

ලෝකය පුරාවට අතිශය ජනප්‍රිය වූ ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ මාදිලියක් වන නිසාන් GT-R R35 නිෂ්පාදනය අවසන් කර තිබෙන නිසාන් ආයතනය පවසනවා.

ඒ අනුව එම මාදිලියේ අවසන් විශේෂ GT-R R35 මෝටර් රථයේ නිෂ්පාදන ඊයේ (26) දින ජපානයේ Tochigi කර්මාන්තශාලාවේදී අවසන් කළ බවයි නිවේදනයකින් ඔවුන් සඳහන් කරසිටියේ.

වසර 18ක් පුරාවට එම වර්ගයේ මෝටර් රථ 48,000 ක් පමණ නිෂ්පාදනය කර ඇති නිසාන් ආයතනය, මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ජපානය තුළ ඇනවුම් භාර ගැනීම නවතා තිබූ අතර 2020 දී යුරෝපා කලාපයේ ද ගිය වසරේ දී අප්‍රිකානු කලාපයේද මෙම මාදිලිය විකිණීම නතර කර තිබෙනවා.

නිසාන් ආයතනය විසින් මීළගට හඳුන්වා දීමට නියමිත GT-R R36 මාදිලිය නොබෝ දිනකින් GT-R වෙත ආදරය කරනු ලබන ලොව පුරා සිටින අයවලුන් සඳහා වෙළදපොලට නිකුත් කරන බව Nissan ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් එස්පිනෝසා පවසනවා.

“මෙම අසාමාන්‍ය ගමනේ කොටසක් වීම ගැන ඔබට ස්තූතියි. ලොව පුරා සිටින GT-R රසිකයින්ට, මම ඔබට කියන්න කැමතියි මෙය GT-R සදහටම සමුගැනීමක් නොවන බව, GT-R නාම පුවරුව කවදා හෝ නැවත පැමිණීම අපගේ ඉලක්කයයි.” වැඩිදුරටත් GT-R ලෝලීන් වෙත ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
6
+1
8
+1
10
+1
54
+1
6
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?