Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බරපතළ ජීවිත අවදානමක් පවතින බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
Update – එමෙන්ම එංගලන්ත සංචාරය තුළ දී හිටපු ජනපතිවරයා කිසිම රාජ්‍ය නායකයෙක් මුණ නොගැසුණු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකකනායක ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.
Update – එමෙන්ම හිටපු ජනපතිවරයා ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නොමැති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී කරුණු දක්වමින් පැවසුවා.
Update – නඩු විභාගය අවසන් වනතුරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී සඳහන් කළා.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ නීති කෘත්‍යය මේ වන විර ආරම්භ වී තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල නීතිඥයින් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි අධිකරණයෙන් තොරතුරු වාර්තා වුණේ.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ද යොදවා සිටිනවා.
එමෙන්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන විශාල පිරිසක් අධිකරණය පිවිසෙන මාර්ගයේ රැඳී සිටිනවා.
මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වනවා.















