නව පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර නිල හමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස අභිනවයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය සිය ධුරයේ රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අද (25) නිල වශයෙන් හමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පොලිස්පති වීරසූරියව ආරක්ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

මෙම සුහද හමුවේ දී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළ අතර, ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණය කෙරෙහි අවධානය යොමු කළා.

නව පොලිස්පතිවරයාගේ පත්වීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය සුබ පැතුම් එක්කළ අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශ්වාසය පළ කර සිටියා.

මෙම හමුව මඟින් රට පුරා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ නැගී එන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක අංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාවය යළි අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?