පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය යළි පීලිගතකර තිබෙනවා.
ඒ, අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගය ගිංතොට දුම්රිය ස්ථානයේ ඇති ද්විත්ව මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
දුම්රිය පීලි පැනීමෙන් හානියට පත්ව තිබූ අනෙක් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදුකෙරෙමි පවතින බවයි වාර්තා වුණේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේ දී මෙම දුම්රිය ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබුණා.
පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීම ඊයේ රාත්‍රියේ ම ආරම්භ කෙරුනේ පවතී වර්ෂාපතනය ද නොසලකා හරිමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1














