මරදානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්රගාමී දුම්රිය ඊයේ (16) පස්වරුවේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වුණා.
එලෙස පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු ඊයේ රාත්රියේ ම ආරම්භ වුණා.
‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ එම කටයුතු රැය පහන්වන තෙක් පැවති බවයි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් රේල් පීලිවලට සහ කොන්ක්රීට් සිල්පර කොටන් රැසකට අලාභ හානි සිදුව තිබුණා.
ඊයේ (16) රාත්රී කාලයේ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ වුවද දුම්රිය සේවකයන් දුම්රිය පීලිගත කිරීමේ කාර්යයේ නියැලී සිටි බවයි වාර්තා වුණේ.
මේ අතර මේ අතර අද (17) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.




