ගාලු කුමාරි පීලිගත කිරීමේ කටයුතු රැය පහන්වන තෙක්

මරදානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (16) පස්වරුවේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වුණා.

එලෙස පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ ම ආරම්භ වුණා.

‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ එම කටයුතු රැය පහන්වන තෙක් පැවති බවයි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් රේල් පීලිවලට සහ කොන්ක්‍රීට් සිල්පර කොටන් රැසකට අලාභ හානි සිදුව තිබුණා.

ඊයේ (16) රාත්‍රී කාලයේ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ වුවද දුම්රිය සේවකයන් දුම්රිය පීලිගත කිරීමේ කාර්යයේ නියැලී සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර මේ අතර අද (17) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46