හමුදා ට්‍රක් රථයක ගැටී වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙකුට බරපතළයි

පොළොන්නරුව – සුංගාවිල ප්‍රධාන මාර්ගයේ ඊයේ (14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

වී වේලමින් සිටි ගොවින් දෙදෙනාගේ හමුදා ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දෙදෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව පුලස්තිගම පොලිසිය පැවසුවා.

මෙම අනතුරන් තුවාල ලබා ඇත්තේ තඹාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 45ක සහ 55ක පුද්ගලයින් දෙදෙනෙක්.

හමුදා ට්‍රක් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රියදුරු සමඟ හමුදා ට්‍රක් රථය මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරු අද (15) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරට ලක්වූ යුද හමුදා ට්‍රක් රථය මින්නේරිය කාලතුවක්කු බල සේනා මූලස්ථානයට අයත් රථයක් බවත්, රියදුරු එම කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18