හමුදා ට්‍රක් රථයක ගැටී වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙකුට බරපතළයි

පොළොන්නරුව – සුංගාවිල ප්‍රධාන මාර්ගයේ ඊයේ (14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

වී වේලමින් සිටි ගොවින් දෙදෙනාගේ හමුදා ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දෙදෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව පුලස්තිගම පොලිසිය පැවසුවා.

මෙම අනතුරන් තුවාල ලබා ඇත්තේ තඹාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 45ක සහ 55ක පුද්ගලයින් දෙදෙනෙක්.

හමුදා ට්‍රක් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රියදුරු සමඟ හමුදා ට්‍රක් රථය මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරු අද (15) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරට ලක්වූ යුද හමුදා ට්‍රක් රථය මින්නේරිය කාලතුවක්කු බල සේනා මූලස්ථානයට අයත් රථයක් බවත්, රියදුරු එම කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?