නව පොලිස්පතිවරයා වැඩ භාරගැනීම අද

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සිය ධුරයේ වැඩ භාරගැනීම අද (14) පෙරවරුවේ කොළඹ 02 පොලිස් මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතයි.

පොලිස් උත්තමාචාරය මධ්‍යයේ ඔහු වැඩ භාරගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුට්ලර් සඳහන් කළේ.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගිය දා හිමි වුණා.

ඒ, අනුව ඔහුට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (13) පිරිනමනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින්.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය පොලිස් කොස්තාපල් , උප පොලිස් පරික්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුරවල සේවය කරමින්, පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?