දිල්ලියේ වීදි සුනඛයින්ගේ ප්‍රශ්නය අගවිනිසුරු ළඟටම යයි – නියෝගය යළි සලකා බලන බවත් කියයි

නව දිල්ලි නුවර වීදිවල අයාලේ යන සුනඛයින් සමබන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බලන බව ඉන්දියාවේ අගවිනිසුරු බී.ආර්. ගවයි පවසනවා.

දිල්ලි අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන සුනඛයින් සති අටක කාලයක් ඇතුළත ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම කටයුතු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා නියෝගක් නිකුත් කරනු ලැබුවා.

සුනඛ සපාකෑම් සහ ජලභීතිකා රෝගීන් වැඩිවීම සැලකිල්ලට ගනිමින් පසුගිය සඳුදා අදාළ අධිකරණ නියෝගය නිකුත් කළා.

මෙම නියෝගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා සහ දෝෂාරෝපණ මේ වනවිටත් එල්ල වී තිබෙනවා.

ජේ.බී. පාර්දිවාලා සහ ආර්. මහාදේවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ලබාදුන් මෙම නියෝගය දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු සිවිල් සමාජයෙන් දැඩි විරෝධයක් ඇති කළා.
.
දිල්ලි නගරයේ පමණක් අයාලේ යන සුනඛයින් මිලියනයක් පමණ සිටින බවත් එම සුනඛයින් දිල්ලි වැසියන් හා සමඟ ගතකළ සත්වයින් බවත් ඔවුන්ට ද එහි රැඳී සිටීමට පූර්ණ අයිතියක් සහ හිමිකමක් ඇති බවයි ධිකරණ නියෝගයට විරුද්ධව මත දරන්නන් පවසන්නේ.

මේ අතර අදාළ නියෝගය සමාලෝචනය කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් විසින් අගවිනිසුරුවරයා වෙත හදිසි අභියාචනයක් ද යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජයේ බලවත් පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන බලපෑම මත අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳව යළි සලකා බලන බවයි ඉන්දියාවේ අගවිනිසුරුවරයා මෙලෙස පොරොන්දු වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43