දිල්ලියේ වීදි සුනඛයින්ගේ ප්‍රශ්නය අගවිනිසුරු ළඟටම යයි – නියෝගය යළි සලකා බලන බවත් කියයි

නව දිල්ලි නුවර වීදිවල අයාලේ යන සුනඛයින් සමබන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බලන බව ඉන්දියාවේ අගවිනිසුරු බී.ආර්. ගවයි පවසනවා.

දිල්ලි අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන සුනඛයින් සති අටක කාලයක් ඇතුළත ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම කටයුතු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා නියෝගක් නිකුත් කරනු ලැබුවා.

සුනඛ සපාකෑම් සහ ජලභීතිකා රෝගීන් වැඩිවීම සැලකිල්ලට ගනිමින් පසුගිය සඳුදා අදාළ අධිකරණ නියෝගය නිකුත් කළා.

මෙම නියෝගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා සහ දෝෂාරෝපණ මේ වනවිටත් එල්ල වී තිබෙනවා.

ජේ.බී. පාර්දිවාලා සහ ආර්. මහාදේවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ලබාදුන් මෙම නියෝගය දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු සිවිල් සමාජයෙන් දැඩි විරෝධයක් ඇති කළා.
.
දිල්ලි නගරයේ පමණක් අයාලේ යන සුනඛයින් මිලියනයක් පමණ සිටින බවත් එම සුනඛයින් දිල්ලි වැසියන් හා සමඟ ගතකළ සත්වයින් බවත් ඔවුන්ට ද එහි රැඳී සිටීමට පූර්ණ අයිතියක් සහ හිමිකමක් ඇති බවයි ධිකරණ නියෝගයට විරුද්ධව මත දරන්නන් පවසන්නේ.

මේ අතර අදාළ නියෝගය සමාලෝචනය කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් විසින් අගවිනිසුරුවරයා වෙත හදිසි අභියාචනයක් ද යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජයේ බලවත් පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන බලපෑම මත අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳව යළි සලකා බලන බවයි ඉන්දියාවේ අගවිනිසුරුවරයා මෙලෙස පොරොන්දු වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48


?