‘හදවතින් යාපනයට’ පිටත්ව ගිය විශේෂ දුම්රිය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ‘හදවතින් යාපනයට’ වැඩසටහන ඔස්සේ කොටුව දුම්රියපොළින් යාපනය දක්වා විශේෂ දුම්රියක් අද (13) උදෑසන පිටත්ව ගියා.

යාපනයේ ජනතාව අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනවන ‘හදවතින් යාපනයට’ වැඩසටහන ‘ක්‌ලින් ශ්‍රී ලංකා’ මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබෙනවා.

අද දින සිට පුරා සතියක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එහි සමාරම්භක උත්සවය කොටුව දුම්රිය ස්ථානයේ දී අද පැවැත්වුණේ ‘ක්ලින් ශ්‍රී ලංකා’ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී සුවිශ්වරගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට අනුග්‍රහකත්වය දැක්වූ සමාගම්වල නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

උදෑසන 6.20ට කොළඹ කොටුවට පැමිණි දුම්රිය 6.40ට කොළඹ කොටුවෙන් යාපනය බලා පිටත්ව ගියා.

පාරිසරික සමාජමය හා ආචාරධර්මික මූලාරම්භයක් සහ ජාතික මට්ටමේ කැපවීම් හා උත්සාහයන් තුළින් ශ්‍රී ලංකාව නැවත නඟාසිටුවීම මෙහි අරමුණ ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09