රිය අනතුරෙන් මිය ගිය බිරිඳගේ සිරුර යතුරුපැදියේ බැඳගෙන උදව් ඉල්ලා අධිවේගයේ යතුරුපැදිය පැද්ද සැමියා (වීඩියෝ)

දරුණු රිය අනතුරකින් මියගිය සිය බිරිඳගේ මළ සිරුර යතුරුපැදියක බැඳ අධිවේගී මාර්ගයක ගමන් කළ පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කරනවා.

එම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිට යොමුව තිබෙනවා.

ඉන්දියාවේ නාග්පූර්හි අධික වේගයෙන් ධාවනය වූ ට්‍රක් රථයකට කාන්තාව යටවී ඇති අතර, පසුව අයගේ සැමියා විසින් මළ සිරුර තුරුපැදියක බැඳ උදව් ඉල්ලා කෑගසමින් නාග්පූර්-ජබල්පූර් ජාතික අධිවේගී මාර්ගයේ යතුරුපැදිය ධාවනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අමිත් යාදව් ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 09 වනදා මෙම යුවළ නාග්පූර්හි ලොනාරා සිට මධ්‍ය ප්‍රදේශ්හි කරන්පූර් දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් මාර්ගයේ වැටී කාන්තාව යටකරගෙන ට්‍රක් රථය පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී කාන්තාවගේ සැමියා උදව් ඉල්ලා ඇති අතර, ඔහුට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු මෙලෙස
තම බිරිඳගේ සිරුර යතුරුපැදියේ බැඳ මධ්‍ය ප්‍රදේශ් හි ඔවුන්ගේ ගමට ගෙන යාම සඳහා කටයුතු කර ඇති බව සඳහන්.

එලෙස ගමන් කරන අවස්ථාවේ පොලිස් වෑන් රථයක් ඔහුගේ යතුරුපැදිය පසුපස ගොස් නතර කිරීමට කටයුතු කර ඇති අතර, පසුව ඔවුන් කාන්තාවගේ දේහය නාග්පූර්හි ඉන්දිරා ගාන්ධි වෛද්‍ය විද්‍යාලයට පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://twitter.com/atuljmd123/status/1954739335443706085
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
36
+1
7
+1
6
+1
288
+1
14
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30