ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබද තීරණයක්

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව ගරු අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇයගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී කාරක සභාව සඳහා පැමිණ සිටි ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් පවතින බවයි.

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා පසුගියදා පත් කළ නිලධාරීන් හයදෙනෙකු අතරින් පස්දෙනෙක් නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බව මෙහිදී අනාවරණය වුණා. ‍

ඒ, අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පත්වීම් ලබාදීමේ දී නිලධාරීන් සම්බන්ධ මානුෂීය කරුණු පිළිබඳවද සලකා බැලිය යුතු බව මෙහිදී සාකච්ඡා වුණා. ‍

එමෙන්ම සේවා අවශ්‍යතාවය පිළිබඳව ද නිලධාරීන් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යතු බව මෙහිදි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එසේම ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් සැලැස්මක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පිළියම් සකස්කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

තවද ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා මානුශීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 06 හි ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදාළ අනුකාරක සභාවල සභාපතිවරුන් කරුණු ඉදිරිපත් කිරීමද සිදු වුණා.

  1. නව නිලධාරීන් ස්ථාන ගතකිරීමට ප්‍රථම දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් සඳහා ස්ථාන මාරුවීම් ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කළ යුතු නොවන්නේ ද?

  2. අධ්‍යාපන පරිපාලන සේවයට සීමිත ආකාරයෙන් බඳවා ගැනීම සඳහා විභාගය පවත්වා වසර දෙකක් ගත වී සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගත වී ඇත. ඒ නමුත් මේ වනතුරු පත්වීම් ලබාදී නොමැති නිසා පුරප්පාඩු බොහොමයක් පවතී. ඉතා ඉක්මනින් එම ු පත්වීම් ලබාදී නිලධාරීන් ස්ථානගත කිරීම සුදුසුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43